ඩයනාගේ නඩුව උණුසුම් අතට..නීතිඥවරුන් බැන ගයි - උසාවියෙන් නියෝගයක්..!

Sri Lanka Diana Gamage
By Sewvandhi Mar 02, 2023 05:01 AM GMT
Report

 අද (02) රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

ඉන් පසුව නඩුව පසුවට කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

අද (02) එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම තීරණයට එළඹුණි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now