" ඩයනා මැරුණේ FBI කුමන්ත‍්‍රණයකින්... මටත් එහෙම වෙන්න පුළුවන්." - විමල්. (VIDEO)

Sri Lanka Politician Wimal Weerawansa
By Wayomi May 04, 2023 11:54 AM GMT
Report

ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය දරුණු ආකාරයේ ප්‍රතිචාරයන්ට තමන් ගොදුරු විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක උත්තර ලංකා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ, ඔහු විසින් සිදු කළා යැයි කියන හෙළිදරව් හේතුවෙන්.

ඇතැම්විට හදිසි රිය අනතුරකින් හෝ වෙනත් ආකාරයක හදිසි මරණයකට පත් වීම දක්වා පවා එම ප්‍රතිචාරයන් දියත් විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, බ්‍රිතාන්‍යයේ ඩයනා කුමාරි කුමරියද මියගියේ ඒ ආකාරයට ඇමරිකානු රහස් ඔත්තු සේවයේ කුමන්ත්‍රණයකින් බවයි.

ඔහු මේ බව කියා සිටියේ එක්තරා රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW