අන්ධ වීම වැලැක්වීමට අක්‍ෂි රෝහලෙන් ‘එස්.එම්.එස්. එකක්

COVID-19 Vaccine Sri Lanka Diabetes
By Sewvandhi Nov 14, 2022 08:55 AM GMT
Report

දියවැඩියාව නිසා අතිවන අන්ධභාවයෙන් ජනාතව ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික අක්‍ෂි රෝහල නව තාක්‍ෂණය භාවිතා කරමින් නව ව්‍යාපෘතියක් අද (14) ආරම්භ කළේය. 

 ජාතික අක්‍ෂි රෝහලේ අක්‍ෂි ශල්‍ය විශේෂඥා වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවසුවේ එම වැඩසටහනේ නියමු වැඩසටහන යටතේ එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන දියවැඩියා රෝගීන් පරීක්‍ෂා කිරීමෙන් පසුව ලියාපදිංචි කර නැවත පැමිණීම සඳහා දිනයක් ලබාදෙන බවත් එම දිනයට සතියක පමණ කාලයක් තිබියදී දුකරථන කෙටි පණිවුඩයක් මගින් රෝගියා නැවත දැනුවත් කරන බවත්ය.

දියවැඩියාව හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් අන්ධභාවට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස නියමිත අවස්ථාවේදී අඛණ්ඩව ප්‍රතිකාර නොලැබීම හදුනාගෙන ඇති බව කී විශේෂඥා වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බව ද සඳහන් කළේය.

වැඩසටහනේ සාර්ථකත්වය මත සෙසු දිස්ත්‍රිකවලට දියවැඩියා රෝගීන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ‘ඩයලොග්’ සමාගම වැඩසටහනට තාක්‍ෂණික සහයෝගය දක්වන බවත් කපිල බන්දුතිලක මහතා වැඩි දුරටත් කීය.

අද දිනයට යෙදී ඇති ‘ලෝක දියවැඩියා දිනය’ වෙනුවෙන් ‘දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය වලක්වාලමු’ යන මැයෙන් ජාතික අක්‍ෂි රෝහල සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයේදී මෙම වැඩසටහන ආරම්භ කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now