පත්වී පැය 24ක් යන්නටත් පෙර චෝදනා එල්ල වූ නව පොලිස්පති අද වැඩ භාරගනී..
36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන සිය ධුරයේ වැඩ භාර ගෙන තිබෙනවා.
පසුගියදා පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පොලිස්පතිවරයාට භාරදුන් අතර, අදාළ පත්වීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියද හිමිවිය.
අද උදෑසන පොලිස්පතිවරයා වැඩ භාර ගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ ආචාර පෙළ පාලියක්ද සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.
මේ අතර, නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කළා.
මේ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බවයි, විපක්ෂනායකවරයා පවසන්නේ.
විපක්ෂනායකවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිව ඇති බවයි.
සාමාජිකයින් දෙදෙනෙකු ඡන්ද විමසීමට සහභාගී නොවූ බව විපක්ෂනායකවරයා පැවසූ අතර, එසේම එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවයි, විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවයි, සජිත් ප්‍රේමදාස මහතා සිය X පණිවුඩයක් මගින් පෙන්වාදෙනු ලැබුවේ.