නව පොලිස්පති පත්වී පැය 24ක් යන්නටත් පෙර සිදුවූ දේ බලන්න..නොසිතූ බාල්දියක් පෙරළෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police President of Sri lanka
By Aruna Feb 27, 2024 01:29 AM GMT
Report

නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටිනවා.

මේ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බවයි, විපක්ෂනායකවරයා පවසන්නේ.

නව පොලිස්පති පත්වී පැය 24ක් යන්නටත් පෙර සිදුවූ දේ බලන්න..නොසිතූ බාල්දියක් පෙරළෙයි.. | Deshabandu Thennakoon

විපක්ෂනායකවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිව ඇති බවයි.

සාමාජිකයින් දෙදෙනෙකු ඡන්ද විමසීමට සහභාගී නොවූ බව විපක්ෂනායකවරයා පවසන අතර එසේම එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවයි, විපක්ෂනායකවරයා පවසන්නේ.

ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවයි, සජිත් ප්‍රේමදාස මහතා සිය X පණිවුඩයක් මගින් පෙන්වාදෙනු ලබන්නේ.