දේශබන්දුට එරෙහිව අතුරු තහනම් නියෝගයක්..

Supreme Court of Sri Lanka Deshabandu Tennakoon
By Sithumini Jul 24, 2024 05:08 AM GMT
Report

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළා මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි තින්දු ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට නියමිත වීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%