මනසේ ඇති වන හැඟීම් හා සිතිවිලි චර්යාවන් බවට පරිවර්තනය වන හැටි.
අපේ ගොඩක් අයට දැන් ගතේ ලෙඩ වලට වඩා තියෙන්නේ හිතේ ලෙඩ. හිතේ ලෙඩ වැඩි වුණාම තමා ගතේ ලෙඩත් වැඩිපුරම ඇති වෙන්නේ. ඉතින් මේ ලෙඩ දෙකම එකතු වුණාම ඊට වඩා ලෙඩ ගොඩක් වැටෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා, පවුල් ආරවුල් ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් මත්පැන් බෝතලේ පිහිට හොයනවා. නැත්නම් සියදිවි හානි කරගන්නවා.
මේක අපේ රටට විතරක් පොදු වූ දෙයක් නෙවෙයි. නමුත් ලංකාවේ මානසික රෝග ගැන වැඩි උනන්දුවක් නැහැ. හැබැයි එහෙමයි කියලා මානසික රෝග නොසලකා හැරීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. මොකද අපි සද්ද නැතිව හිටියොත් අහිංසක, ආදරණිය ජීවිත රැසක් අහිමි වෙන්න පුළුවන්. පුද්ගලයකුගේ මානසිකත්වය චර්යාව මගින් ඉස්මතු වෙනවා. මනසේ ඇති වන හැඟීම් හා සිතිවිලි චර්යාව බවට පත් කෙරෙනවා.
මනෝ විද්‍යාවට අනුව,
🤯 කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා.
🤯 කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්, එයා ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්.
🤯 කෙනෙක්ට පුංචි දේකටත් කේන්ති යනවා නම්, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.
🤯 කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.
🤯 සිතේ අවුල් සහගත බව පාලනය කළ නොහැකි පරිදි සිතුවිලි හට ගැනීම, එකම සිතිවිල්ල නැවත නැවත හට ගැනීම.
🤯 තමා පිළිබඳ ව ඇති වන ශෝකය හා කළකිරීම.
🤯 තමා ආරක්ෂා රහිත තත්ත්වයකට පත්ව ඇතැයි සැකය හා අසරණ බව ඇති වීම.
🤯 තමා හරි අනෙකා වැරදි යැයි සිතීම.
🤯 සුළු සිද්ධියක් පවා විශාල සිද්ධියක් ලෙස සිතීම.
🤯 තමා විසින් කරන ලද වැරදි පිළිනොගෙන, එය සාධාරණ බව පෙන්වීමට තැත් කිරීම.
🤯 ගැටුම නිසා තමා තුළ ඇති වන හැඟීම් තමා විසින්ම පිළිනොගනී.
🤯 ගැටුම්කාරී පුද්ගලයකු ලෙස කටයුතු කිරීම
🤯 අපිළිවෙළ, ගති පැවතු අවුල් වීම, සමාජගත නොවීම, සතුටක් නොමැති වීම, වෛරය/ තරහව, සැකය, ශෝකය, නොසන්සුන් බව, කලහකාරී බව, නොරිස්සුම, අපිළිවෙළට ඇඳිම, උපදෙස් ප්‍රතික්ෂේප කිරීම, අසම්මත මෝස්තරවලට ලැඳියාව වගේ දේවල් කිරීම.
මෙවැනි අය ආතතිය, ක්ලමතය, කාංසාව, විශාදය (Depression) වගේ මානසික රෝග වලින් පෙළෙන අයයි. ඒ විදිහට ඔබත් සමඟ සිටින මිතුරන් හෝ වේවා..ආදරණියයන් හෝ වේවා මානසික අවපීඩනයකින් ඉන්නවා කියලා ඔබට තේරෙනවා නම් ඔවුන්ට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න. එයාගෙ ළඟින් ඉන්න. එයාට එක වචනෙකින් හරි උදව්වක් වෙන්න. ඔබට බැරි නම් ඔවුන්ව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |