ගෝඨාභය දුන් රැකියා දහස් ගණනකට රතු එළියක් ..විසුරුවා හැරීමේ සූදානමක්..
රැකියා ප්‍රශ්නයට විසඳුමක් දීමට පසුගිය රජය මගින් තිස් අටදහසක(38000) ශ්‍රම බලකායක් එක්කර ගැනීමෙන් ඇරැඹූ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව 2020 දෙසැම්බර් 19 වැනිදා මෙම දෙපාර්තමේන්තුව අරඹන්නේ ලක්ෂයක ශ්‍රම බලකායක් ඉලක්ක කරගෙනයි.
අවම අධ්‍යාපන සුදුසුකම් සහිත ලක්ෂයක්(100000) තෝරාගෙන විධිමත් වෘත්තිය පුහුණුවක් ලබා දී ඔවුන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රාථමික ගණයේ පුරප්පාඩුවල සේවා අවශ්‍යතා ඉටුකරදීමට බඳවා ගැණුනා.
මෙහිදී බඳවාගත් පිරිස් අතරින් අමාත්‍යාංශවල ඇති පුරප්පාඩු මත දුම්රිය දෙපාර්තමේන්තුවට තුන්දහසක්(3000) බඳවාගැනීමට තීරණය කළ අතර ඉතිරි පිරිස මුරකරු හා කම්කරු යන තනතුරු යටතේ පළාත් සභාවල පුරප්පාඩුවලට යොමු කිරීමට මේ වන විට සම්මුඛ පරීක්ෂණ ඇරැඹී ඇතැයි පැවසේ.
එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ, දෙපාර්තමේන්තුව විසුරුවා හැරීම හමුවේ එහි ඉහළ නිලධාරීන්ගේ සිට පහළම සේවකයන් දක්වා දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්ද පැන නැගී ඇති බවයි.
මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතායි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |