ගුරු මාරුව ගැන විශේෂ නිවේදනයක්.
මෙරට සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්, ලබා දී ඇති නිර්දේශ අනුව ලබන මස 17 වන දින සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන් හැර අනිකුත් ස්ථාන මාරු ක්‍රියාක්මක වේ.
අධ්‍යයන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති සඳහා ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් සිදුවේ නම් ඒ පිළිබඳ අභියාචනා විදුහල්පතිවරු මාර්ගයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
එම අභියාචනා විශේෂ කමිටුවක් මඟින් නැවත සලකා බැලීමට නියමිත අතර මෙතෙක් ලබා දී ඇති සියලුම තවකාලික අනුයුක්ත කිරීම් මේ වසරේ ජූනි මස 30 දක්වා දීර්ඝ කර ඇත.
ජූනි මස 30 වන දිනට පෙර ස්ථාන මාරුවක් ලද ගුරුවරුන්ට ස්ථාන මාරු ලිපිය ලද වහාම ඒ අනුව කටයුතු කළ යුතු වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |