විමල්ගේ රූපවාහිනී සාකච්ඡාවේ AI ඡායාරූපය ගැන ආන්දෝලනාත්මක ලිපියක්
Wimal Weerawansa
Latest Headlines
Sinhala news
Chathuranga Abeysinghe
Puwath.lk
By R.rishma
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා, හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා රූපවාහිනී සාකච්ඡාවකදී ප්රදර්ශනය කළ බව කියන AI තාක්ෂණයෙන් වෙනස් කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවෙන් නිල පැහැදිලි කිරීමක් සහ නිවැරදි කිරීමක් ඉල්ලා තිබේ.
අද (15) වැනිදා යොමු කළ ලිපියකින් ඔහු ඉල්ලා ඇත්තේ ඡායාරූපයේ සත්යතාව සහ මූලාශ්රය තහවුරු කර, අවශ්ය නිවැරදි කිරීම් සිදුකරන ලෙසයි.
AI මගින් වෙනස් කළ රූපයක් සැබෑ ඡායාරූපයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් මහජනතාව නොමඟ යා හැකි බවත්, පුද්ගල කීර්තිනාමයට හානි විය හැකි බවත් ඔහුගේ කාර්යාලය පෙන්වා දෙයි. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් නාලිකාව ගත් ක්රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ද ඉල්ලා ඇත.

