සතියකට ඩෙංගු රෝගීන් 2,000ක් වාර්තාවන තත්ත්වයක්
සෑම සතියකටම ඩෙංගු රෝගීන් 2,000ක් වාර්තා වන තත්ත්වයක් මේවනවිට මතුවෙමින් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වසරේ 18වන සතිය ගතවන විට සතියකට වාර්තාවන රෝගීන්ගේ සාමාන්‍ය1,954ක් දක්වා දහළ ගොස් තිබෙනවා.
ඉකුත් වසරේ එය සටහන් වූයේ 1,209ක් ලෙසයි. 2021 වසරේ එම අගය 355ක් තරම් අඩු අගයක පැවතුනු අතර සාමාන්‍යයෙන් මෙරට ඩෙංගු රෝගීන් වැඩි වීම ආරම්භ වන්නේ 21වන සතියේ සිටයි.
එය 27වන සතිය වන විට උපරිමයක් දක්වා වර්ධනය වීමක් දැකගත හැකි වන අතර ඩෙංගු රෝගීන් වාර්තා වීම සාමාන්‍ය අගයකට පත් වීමට සති 36කට ආසන්න කාලයක් ගත වනවා.
මේ අතර, බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ රැසක මදුරු කීට ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
මෙම කරුණු අනාවරණ වී ඇති දීප ව්‍යාපත්ව කළ සමීක්ෂණයකදීයි. ඒ අනුව, බොහෝ ප්‍රදේශවල මදුරු කීට ඝණත්වය ඒකක 20 ඉක්මවා ඇති බවයි එහිදී හෙළි වී තිබෙනවා.