අධි අවධානම් දිස්ත්‍රික්ක 7ක් තුළ තෙදිනක් පුරා ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන

Sri Lanka Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Sewvandhi Sep 01, 2022 03:23 AM GMT
Report

ඩෙංගු අවදානම් දිස්ත්‍රික් 7ක අද (01) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ආරක්ෂක අංශ සහාය ද ඒ සඳහා යොදාගැනීමට නියමිත බව ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේය. 

 "සැප්තැම්බර් 1 වනදා සිට සැප්තැම්බර් 3 වනදා දක්වා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සංවිධානය කරලා තියෙනවා. එම වැඩසටහන ලංකාවේ ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 7ක් ආවරණය වන ආකාරයට තමා සංවිධානය කරලා තියෙන්නේ. මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20ක් ආවරණය වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 13ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 7ක් සහ සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසවලට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා මදුරු මර්දන සහායකයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ සඳහා යොමුවෙනවා. සහාය දැක්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මෙම කණ්ඩායම්වලට එක්වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now