ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් - අවධානයෙන් සිටින්න..

Sri Lanka Dengue Prevalence in Sri Lanka
By krishani Mar 20, 2023 01:19 AM GMT
Report

මෙම වසරේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව ගත වූ මාස දෙකයි දින 18කට ආසන්න කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 16,016ක් වේ.

මාර්තු මාසයේ ගත වූ දින 18කට ආසන්න කාලයට පමණක් ඩෙංගු රෝගීන් 2,407ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ මාර්තු මාසයේ දින 31ටම මෙරටින් වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 2,392ක් පමණයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම වසරේ දී ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.