මෙරට පළාත් 07ක කොට්ඨාස 52ක් අධි අවධානම් කලාප ලෙස නම් කරයි..එම ප්‍රදේශ මෙන්න..

Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Aruna Feb 14, 2023 12:50 AM GMT
Report

පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 52ක් ඩෙංගු පැතිරයාමේ අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා.

වසරේ මුල් සති 06 තුළ ඩෙංගු රෝගීන් 12015ක් හමුවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ඊයේ (13දා) පැවැසීය.

බස්නාහිර මධ්‍යම වයඹ නැගෙනහිර උතුර දකුණ සබරගමුව පළාත්වල ඩෙංගු රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බවත් කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් හඳුනාගෙන ඇති බවද ඒම ඒකකය තහවුරු කළේය.

වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව අනුව ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම් දිස්ත්‍රික්ක අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 52ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15ක් ගම්පහ 15ක් පුත්ලම 06ක් යාපනය 05ක් කළුතර 04ක් බදුල්ල මහනුවර කෑගල්ල මාතර සහ රත්නපුරය දිස්ත්‍රික්කවල එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය බැගින් ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම් කලාප ලෙස තහවුරු කරගෙන ඇත.

දිස්ත්‍රික්ක අනුව ඉහළම රෝගීන් හඳුනා ගැනීමේදී ගම්පහ 2149 කොළඹ 2146 පුත්තලම 1236ක් කල්මුණේ 621ක් කළුතර 578ක් යාපනය 475ක් මහනුවර මහ නගර සභා සීමාවෙන් 407ක් කෑගල්ල 346ක් කුරුණෑගල 344ක් සංඛ්‍යාව හඳුනාගෙන ඇත.

කඩින් කඩ ඇතිවන වැසි සමග ඩෙංගු මදුරුවන්ගේ බෝවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙන බවත් තමන් පදිංචි පරිශ්‍ර තුළ සහ අවට සේවය කරන ආයතන වැඩබිම් පරිශ්‍ර තුළ සහ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර ගැනීමට ජනතාව උනන්දුවිය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now