ඉදිරි මාස දෙකේ මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න...
Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By Aruna
ඉදිරි මාස දෙක තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (26) පැවති අතර, ඊට එක්වෙමිනු යි ඔහු මේ බව සඳහන් කළේ.
වර්තමානයේ රට තුළ පවතින තත්ත්වයත් සමඟ මහා පරිමාණයෙන් සිදු කළ ඉදිකිරීම් නතර වී ඇති බවත් එම පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩි දුරටත් කියා සිටියා.