මෙරටින් තවත් අධි අවදානම් රෝගයක්..දිස්ත්‍රික්ක 12කට අනතුරු අඟවයි.

Sri Lanka Colombo Galle Gampaha Mathara Dengue fever
By Aruna Jan 30, 2022 05:33 AM GMT
Report

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ අසූ එකක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය හඳුනාගෙන ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, බදුල්ල, යාපනය, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්කවල අධි අවදානම් කලාප හඳුනාගෙන තිබේ.

මෙම වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 7000ක් හමුවී ඇති අතර මරණ දෙකක්ද සිදුව තිබේ.

වැඩිම රෝගීන් හමුවී ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලිනි.

දෙසැම්බර් මාසයේ පැවති වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු මදුරු කීට ඝනත්වයද වැඩිවී ඇති බව කීට පරීක්ෂණවලදී සනාථ වී තිබේ.

එහෙත් මේ වනවිට කීට ඝනත්වය අඩුවෙමින් පවතින අතර මාර්තු මාසය වනවිට සම්පූර්ණයෙන්ම අඩුවන බවට කීට විද්‍යාඥයන් පුරෝකථනය කර ඇත.

පසුගිය වසරේ පමණක් ඩෙංගු රෝගීන් 35925ක් රෝගීන් වාර්තා වී ඇති අතර දෙසැම්බර් මාසයේ පමණක් 8966ක් හමු වී තිබේ.

වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇත්තේ අවුරුදු 5ත් 19ත් අතර ළමුන් වන අතර ඉන් වයස අවුරුදු 5ට අඩු ළමයින්ගේ ප්‍රතිශතය 5%ක් බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now