ඩෙංගු රෝගීන් 70,000ට ආසන්න වෙද්දී මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළට

Dengue Prevalence in Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 14, 2026 05:17 AM GMT
Report

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ඊයේ (13) වන විට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 12 වැනි දින වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 68,672ක් වූ අතර, ඊයේ (13) දිනය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,279ක් හඳුනාගෙන ඇති බව එම ඒකකය සඳහන් කළේය.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 36,795කි. එම පළාත තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 14,464ක් ලෙස සටහන් වේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,004ක් වාර්තා වී තිබේ.

මේ අතර, ජූලි මාසයේ ගතවූ පළමු දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 14,572ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර, එම මාසයේදී පමණක් රෝගීන් 21,538ක් වාර්තා වී තිබේ.