සෑම සිකුරාදාවම සියලුම රාජ්‍ය ආයතනවල විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි..
පාසල්වල මෙන්ම සෑම සිකුරාදා දිනයකම සියලු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්දනය කිරීම සඳහා පිරිසිදු කිරීම් සිදු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
එමෙන්ම මේ වන විට පරීක්‍ෂා කර ඇති පාසල් අතරින් 60% ක ඩෙංගු මඳුරුවන් සහිත පරිශ්‍රයන් හඳුනාගෙන තිබෙනවා.
ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 37,209 ක් වන අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව යි.
ඒ අනුව බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
ඩෙංගු මඳුරුවන් බෝ වන පරිශ්‍ර සොයා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ නිවාස හා ආයතන පරීක්‍ෂා කිරීම් අඛණ්ඩව සිදු කරනු ලබන අතර ඉදිරි අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් ආශ්‍රිත පිරිසිදු කිරීම් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත්, විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්දනය සඳහා විශේෂ මාර්ගෝපදේශයක් ද නිකුත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |