ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයින්ගේ වැටුප ගැන ගත් තීරණය.

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Sri Lanka Cabinet
By krishani Apr 04, 2023 06:58 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ඊයේ (03) දිනයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් මාර්තු මස 9 වන දා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මුලික වැටුප ගෙවීමට තීරණය කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

එළැඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුදෙනාටම මුලික වැටුප හිමිවන බව අද (04) පාර්ලිමේන්තුවේ දී ජගත් කුමාර මන්ත්‍රීවරයා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join