නිවසක සිටි කාන්තාවක් ඝාතනය කෙරේ..
Sri Lanka
By krishani
වෙළම්බොඩ - පරණ පට්ටිය ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ඝාතනය කර ඇති බවට වෙළම්බොඩ පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර මරණකාරිය නිවසේ තනිව ජීවත් වන බවත්, ඇගේ ගෙලෙහි කැපුම් තුවාලයක් ඇති බවටත් නිරීක්ෂණය කර ඇත.
දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙන අතර මෘතශරීරය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය අද(25) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |