මිදුලට යන අතරතුර කාන්තාවකට අකුණු සැරක් - මේ දිනවල ඔබත් අවධානෙන් පසුවන්න..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Mannar
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ඊයේ (25), මන්නාරම - මඩු කීරිසුත්තාන් ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවකට අකුණු සැර වැදීමෙන් ඇය ජීවිතක්ෂයට පත් විය.
පද්මනාදන් දෙයිවානයි නැමති ඇය වයස අවුරුදු 62ක් වේ.
වර්ෂාව ආරම්භ වීමට පෙර මෙම තැනැත්තිය මිදුලට ගොස් ඇති අතරතුරයි මෙලෙස අකුණු පහරකට ලක්වී ඇත්තේ.
මේ අතර, අකුණු සැර වැදී බරපතල තුවාල ලැබූ කාන්තාව, මඩු රෝහල වෙත රැගෙන යාමේදී මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් මඩු පොලීසිය විසින් විමර්ශන පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |