රූමත් නීතීඥවරියක් නිවසේ නිදන කාමරයේ අභිරහස් ලෙස මිය ගිහින්..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 31, 2023 11:34 PM GMT
Report

පැල්මඩුල්ල - බුලත්වැල්ගොඩ නිවසකදී අභිරහස් ලෙස මියගොස් සිටි රූමත් තරුණ නීතිඥවරියකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (31), උදෑසන දුෂ්මන්ති අබේරත්න නම් 40 හැවිරිදි නීතිඥවරියගේ සිරුර ඇයගේ නිවසේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.

මේ අතර පෙරේදා (30) රාත්‍රියේ සිට නීතිඥවරියගේ සැමියා නිවසේ සිට නොමැති බව පොලීසිය පවසයි.

නීතිඥවරිය පෙරේදා රාත්‍රියේ ජංගම දුරකථනයෙන් පවුලේ අයෙකුට යොමු කර තිබූ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඇයට සිදු වු පහරදීමක් සම්බන්ධයෙන් තොරතුරු එම කෙටි පණිවුඩයේ සඳහන්ව ඇත.

කෙසේවෙතත්, මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ සාමාජිකයින් පැල්මඩුල්ල පොලීසියට දැනුම්දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join