බිරිඳක් නිවසේ අභිරහස් ලෙස මිය ගිහින් - සැමියා එන විටත් සිහිසුන් වී වැටී ඉඳලා..

Sri Lanka Police Sri Lanka
By krishani May 11, 2023 06:16 PM GMT
Report

අද (11) පස්වරුවේ, නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් හදිසියේම මියගොස් ඇති බව ඉංගිරිය පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්‍රදේශයේ පදිංචි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියක් ය.

මීට මාස කිහිපයකට ඉහතදී ඇය විවාහ වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියාව නිම වී සවස නිවසට පැමිණීමේ දී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන් වී වැටී සිටින අයුරු දැක ඇත.

පසුව ඇයව ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.

මේ අතර, මිය ගිය තරුණිය වැටී සිටි ස්ථානයට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බව පොලීසිය පවසයි.

කෙසේවෙතත්, තරුණියගේ හදිසි මරණයට හේතුව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join