සරසවි සිසුවෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 14, 2023 04:34 AM GMT
Report

ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාගයේ සිසුන් පිරිසක් ඒම විශ්වවිද්‍යාලය පිටුපස ඇති මුහුදෙහි දියනෑමට ගොස් සිටිය දී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් විසින් එම සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේ දී ඔහු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින් වෙත බාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.