පාසල් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු වෙරළකට ගොඩ ගසයි..

Sri Lanka Police Sri Lanka
By krishani May 07, 2023 08:08 AM GMT
Report

මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත් විය.

ඊයේ (06) දින එම සිසුන් දෙදෙනා කොකුවිල් සවුකඩේ මුහුදු තීරයේ දියනෑමට ගොස් තිබෙනවා.

එහි දියනාමින් සිටිය දී එම සිසුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන් විය.

ඔවුන්ගේ සිරුරු අද (07) උදෑසන වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබමින් සිටි සිසුන් දෙදෙනෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් කොකුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර, ඊයේ (06) හංවැල්ල පොලිස් වසමේ වක්ඔයේ දිය නාමින් සිටී කාන්තාවන් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා ගොඩට ගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ අතර එහිදී එක් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 42ක් වන උඩහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

රෝහල් ගත කළ අනෙක් කාන්තාව අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කෙසේවෙතත්, මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන්, හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join