දරු දෙදෙනා ළිඳට දමා මවත් ළිඳට පනී..

Sri Lanka
By krishani Mar 06, 2023 06:33 AM GMT
Report

ඊයේ (05) උදෑසන තම පිරිමි දරුවන් දෙදෙනා ළිඳට දමා මවද ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ පුවතක් කැබිතිගොල්ලෑව - කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ළිඳට දැමූ වැඩිමහල් ආබාධිත පිරිමි දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මව සහ අනෙක් ගොලු පිරිමි දරුවා ළිඳ තුළ ගලක එල්ලී සිටියදී ගොඩ ගෙන කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇත.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ආබාධිත පිරිමි දරුවෙකි. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.