පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 26, 2023 02:38 AM GMT
Report

ඊයේ (25), මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබෙනවා.

ඒ මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ දුම්රිය ස්ථානයත් අතර දී ය.

මරණකාරිය තවත් මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 15 හැවිරිදි බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් ය.

මෘත ශරීරය මාතර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join