නාඳුනන මළ සිරුරක් හමුවෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani May 01, 2023 02:06 AM GMT
Report

ඊයේ (30), උදෑසන වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත පාලම අසල හැමිල්ටන් ඇළේ තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.

ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර වූ උස අඩි 5යි අගල් 2ක් පමණ වූ දුඹුරු පැහැති සරමක් හා සුදු පැහැති අත්දිග කමිසයක් ඇද සිට ඇත.

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join