නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
වැල්ලවත්ත - මුහුදු මාවත ඉදිරිපිට මුහුදු තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත.ඔහු වයස අවුරුදු 60ත් 70ත් පමණ වන උස, කෙට්ටු සිරුරක් හෙබි තළෙළු පුද්ගලයෙක් වන අතර කොණ්ඩය කොටට කපා ඇත.
හිස මුදුනේ තට්ටය ඇති අතර උඩු රැවුල තරමක් වවා ඇති මෙම මළ සිරුර නිරුවත්ව තිබී ඇත්තේ.මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.