සරසවි සිසුවියක් ජිවිතක්ෂයට.

Sri Lanka
By krishani Mar 01, 2023 09:04 AM GMT
Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීමෙන් මියගොස් ඇත.

ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් වන ඇය ඊයේ (28) රාත්‍රියේ සිසුවිය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇත.

පසුව ඇය ඊයේ රාත්‍රී 11:15ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන්පසු අද (01) අලුයම ඇය මියගොස් ඇති අතර මියගිය ශිෂ්‍යයාව 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මදුමාලිකා ද සිල්වා නමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join