යුද හමුදා සෙබළෙකු සිය රාජකාරී ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රකාශයක්.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 25, 2023 04:33 AM GMT
Report

ඊයේ (24) පනාගොඩ යුද හමුදා කඳවුරේ දී සෙබළෙකු විසින් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පවසයි.

අදාළ යුදහමුදා සෙබළා සිය රාජකාරී ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බව ඔහු පැවසූ අතර මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි එම හමුදා කඳවුරේම සේවයේ නියුතුව සිටි හමුදා සෙබළෙක් ය.

ඔහු මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join