නඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයා ගනී.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 20, 2023 03:36 AM GMT
Report

ඊයේ (19) සවස් කාලයේ දී 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත පානදුර දකුණ පොලිස් වසමේ දුම්රිය පොළ පාර අසල දී නඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම මරණකරු උස අඩි 05යි අඟල් 02ක් පමණ කෙට්ටු සිරුරකින් හෙබි වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් වන අතර කොණ්ඩය පැසුනු ස්භාවයකින් යුක්ත වේ.

උඩුකයට සුදු පැහැති දික් ඉරි සහිත අත්කොට කමිසයක් ද යටි කයට දුඹුරු පැහැති හරස් ඉරි සහිත සරමක්ද හැඳ සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join