පොලිස් ස්ථානාධිපතිවරයෙකු හදිසියේම ජිවිතක්ෂයට පත් වෙයි..

Sri Lanka
By krishani Jul 22, 2022 03:04 AM GMT
Report

මීගහතැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

58 හැවිරිදි වියේ පසුවූ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් ආරියවංශ මහතා වීරකැටියේ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් වන අතර  ඊයේ (21) සවස් කාලයේ පොලිස් ස්ථානයෙන් පිටත රාජකාරී කටයුත්තක් සඳහා ගොස් නැවත එමින් සිටියදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මීගහතැන්න දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.