අනන්‍යතාවය තහවුරු නොවූ මළසිරුරක් හමු වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 14, 2023 08:24 AM GMT
Report

මහියංගනය - පදියතලාව මාර්ගයේ, දෙහිගොල්ල පාසල අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර උස අඩි 05යි අඟල් 02ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 65ත් 70ත් අතර පසු වූ අයෙකු වේ.

කොණ්ඩය අඟල් 1.5ක් පමණ වැවි ඇති ඔහුගේ දකුණු කකුලේ දණහිසට පහළින් බෙහෙත් දමන ලද තුවාලයක් තිබී ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මහියංගනය පොලිසය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join