තරුණයෙකුගේ මළ සිරුරක් හමු වෙයි.
Sri Lanka Police
Sri Lanka
By krishani
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.
ඒ ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ය.
එලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි පතන මවුන්ට්වර්නන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු ය.
මෘත ශරීරය අසල තිබී මුදල් පසුම්බියක් ද සොයාගෙන ඇති අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |