දියවන්නාවේ කාන්තා මළ සිරුරක්.
Sri Lanka Police
Sri Lanka
By krishani
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමනළ පාර අසළ පිහිටි දියවන්නා ඔයේ නානතොටුපළ ආසන්නයේ තිබී කාන්තාවකගේ මළසිරුරක් සොයගෙන ඇති බව පොලිසිය පවසයි.
අවුරුදු 60 ත් 65 ත් අතර වයසේ පසුවන එම කාන්තාව පදිංචි ප්‍රදේශය පිළිබඳ තොරතුරු තහවුරු වී නොමැති අතර අදාළ කාන්තාව ඊයේ සවස එම ස්ථානයේ දිය නෑමට පැමිණ ඇත.
ඒ ඔස්සේ මියගිය කාන්තාවගේ අන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව වැලිකඩ පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |