අකුණු සැර යුවලකට ගෙනා සංවේදී ඛේදවාචකය.

Sri Lanka Police Sri Lanka Accident
By krishani Feb 26, 2023 08:19 AM GMT
Report

දෙල්වල - පාබොටුව ප්‍රදේශයේ ඊයේ (25) අකුණු සැර වැදීමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයා යකඩ බාල්දියක් භාවිතයෙන් එළිමහනේ දිය නාමින් සිට ඇති බව පොලිසිය පවසයි.

ඔහුගේ 36 හැවිරිදි බිරිඳ ද අකුණු සැර වැදීමෙන් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙල්වල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join