තවත් මළසිරුරක් ගාලු මුවදොර වෙරළට ගොඩ ගසයි.. (VIDEO)

Sri Lanka Police Colombo
By krishani Aug 01, 2022 05:50 AM GMT
Report

පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන ගාලු මුවදොර වෙරළට ගොඩගසා තිබෙනවා.

අද අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මුහුදේ සිරුරක් පාවෙන බවට ලද තොරතුරක් මත එහි පැමිණි කොටුව පොලිසිය මෙම මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළසිරුරක් ගෝල්ෆේස් වෙරළ තීරය වෙත ගොඩගසා තිබෙන අතර  එලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join