බෝක්කුවක් යටින් පුද්ගල මළසිරුරක්..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 14, 2023 05:52 AM GMT
Report

ඊයේ (13) උදෑසන, කොටපොල - හිගුරුපනාගල ප්‍රදේශයේ බොක්කුවක් යට තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වරල්ල, පෝරුපිටිය, නිල්නදිගම පදිංචිව සිටි 29 හැවිරිදි දිල්ෂාන් චතුරංග නමැති විවාහකයෙකු ය.

දෙනියාය - අකුරැස්ස පුද්ගලික බස් රථයක ඔහු කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇත.

පෙරේදා (12) දින තම සැමියා රාත්‍රියේ නිවසට නොපැමිණිම හේතුවෙන් නිවස අසල පාළු කඩ කාමරයේ නිදාසිටී දැයි සොයාබැලීමට බිරිඳ උදෑසන පැමිණ ඇත.

එහිදී ද සැමියා නොමැතිවීම හේතුවෙන් ඔහුගේ ජංගම දුරකථනයට ඇය ඇමතුමක් ගෙන තිබෙනවා.ඉන් අනතුරුව මාර්ගය අසල බෝක්කුව යට සැමියාගේ දුරකථනය නාද වී ඇත.

එහිදී සැමියාගේ මළසිරුර දුටු බව ඇය පොලීසියට පවසා ඇති අතර මළසිරුර සොයාගෙන ඇත්තේ දෙනියාය අකුරැස්ස ප්‍රදාන මාර්ගයේ බිරිදගේ නිවස ඉදිරිපිට 47 බෝක්කුව යට තිබියදී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join