සම්භාහන මධ්‍යස්ථානයක් තුළ දී පුද්ගලයෙක් මිය ගිහින්.

Sri Lanka Police Sri Lanka
By krishani Apr 12, 2023 08:59 AM GMT
Report

ඊයේ (11) රාත්‍රියේ, කඳාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක පමණ විවාහක පුද්ගලයෙකු ය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සම්භාහන මධ්‍යස්ථානය වෙත ඔහු පැමිණ ඇති අතර අද අලුයම් කාලයේ දී එහිදී මියගොස් ඇත්තේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බව පොලීසිය සැක කරන අතර කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join