ආන්දෝලනාත්මක කඳුකර කොටියාගේ මරණය ගැන විශේෂ විමර්ශණයක්..
හැටන් - සමර්හිල් වතුයායේ තේ වත්තක දී මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව වහාම විමර්ශණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) දින එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දී ඇත.
සතාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරා ගැනීමට අවස්ථාව තිබිය දී වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළිම නිසා එයට යට වී එම කඳුකර කොටියා මරණයට පත් වු බවට චෝදනා එල්ල වී ඇති අතර අදාල නිලධාරින්ගේ නොසැළකිල්ල නිසා එම මරණයට පත් වූ බව සනාථ වන්නේ නම් එම වනජීවි නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දී ඇති බව අමාත්‍යංශය නිවේදනය කළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශණයක් සඳහා අද දිනම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන් සමර්හිල් වතුයාය බලා පිටත් කර හැරීමට කටයුතු කළ බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |