දවස් 86ක් උපවාස කළ සටන්කාමී සංවිධානයක ජ්‍යෙෂ්ඨයෙක් ජිවිතක්ෂයට.
පලස්තීන සටන්කාමී සංවිධානයක් වන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වන ඛාදර් අද්නාන් ඊශ්‍රායල සිර කඳවුරක සිටිය දී මිය ගොස් තිබෙනවා.
ඒ දින 86ක උපවාසයක් අතරතුර දී ය.
සිහිසුන්ව සිටිය දී ඔහුව සොයාගෙන ඇති අතර රෝහලට ගෙන ගිය ගිය ද ජීවත් කරවීම සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.
මේ අතර, ඛාදර් අද්නාන් වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
44 හැවිරිදි පලස්තීන ජාතික ඛාදර් අද්නාන් ත්‍රස්තවාදයට අනුබල දීම, ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධවීම සහ උසිගැන්වීම් යන චෝදනා යටතේ රැඳවුම් භාරයේ රඳවා ඇත්තේ.
ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සටන්කාමීන් විසින් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.
එයින් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර ගාසා තීරයේ පිහිටුවා ඇති ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය මීට පෙර අනතුරු අඟවා තිබුණේ ඔහු සිරගෙදර දී මිය ගියහොත් ඒ වෙනුවෙන් දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවන බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |