විදෙස් ජාතිකයෙක් ගාල්ල වරායට ඇද වැටී සිදු වූ අනතුර..

Sri Lanka Police Galle Sri Lanka Accident Death
By krishani Jun 02, 2023 06:30 AM GMT
Report

61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකු ගාල්ල වරායේ දී දියේ ගිලී ජිවිතක්ෂයට පත් විය.

ඒ සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු වරායට පැමිණි අවස්ථාවේ දී ය.

එහිදී අදාළ පුද්ගලයා වරායේ ජැටියට බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු මුහුදට වැටී ඇති බව පොලීසිය පැවසීය.

පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර මඩකලපුව - කල්ලඩි පාලමෙන් කලපුවට පැන කාන්තාවක් පෙරේදා (31) සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සොයා බැලීමේ දී මෙම කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇත. 

ඒ මඩකලපුව - කල්ලඩි පාලමෙන් කාන්තාවක් කලපුවට පැන ඇති බවට මඩකලපුව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 21ක් වූ මඩකලපුව - වන්ඩි ලේන්හි පදිංචිකාරියක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join