පුංචි මල් කැකුළක් අවාසනාවන්ත ලෙස මිය යයි..
Sri Lanka
By krishani
වැලිමඩ - සිල්මියාපුර ප්‍රදේශයේ දී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත් වී ඇත.
ඊයේ (01) පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර සිදු වී ඇති අතර එන්. එස්. හමිදා නැමති දැරියක් එසේ මියගොස් ඇත්තේ.
දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේ දී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී ඇත්තේ.
දැරිය ගොඩ ගනු ලැබුව ද දැරිය ඒ වන විටත් මියගොස් ඇත.සිifද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |