ජීවත්ව සිටින කාන්තාවකට මරණ සහතිකයක්..!

Sri Lanka
By Sewvandhi Jan 23, 2023 03:15 PM GMT
Report

ජීවතුන් අතර සිටින ආදිවාසී කාන්තාවක් හට මරණ සහතිකයක් සකස්කොට ඇයගේ දේපළ අත්පත්කර ගැනීමේ පුවතක් වාර්තා වනවා.

 සුදුබණ්ඩා ප්‍රේමලතා නම් දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ ජීවත්වන ආදිවාසී කාන්තාවකටයි මෙලෙස මරණ සහතිකයන් හිමිව ඇත්තේ.

අදාළ කාන්තාවට ඇගේ මවගේ වියෝවෙන් අනතුරුව කුඹුරක් උරුමය ලෙස ලැබී ඇති අතර ඇගේ සහෝදරයා විසින් ජීවත්ව සිටියදීම ව්‍යාජ මරණ සහතිකයක් සකස්කොට ඇගේ එම කුඹුර අත්පත් කරගෙන ඇති බවටයි සුදුබණ්ඩා ප්‍රේමලතා මහත්මිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර තමන්ට සාධාරණයක් ඉෂ්ඨ නොවූ බවටයි ඇය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now