මරණයට මොහොතකට පෙර සිදුවන දේ දැන සිටියාද..? විද්‍යාඥයින් සොයාගත් නවතම අදහාගත නොහැකි හෙළිදරව්ව..!

Canada Death spiritual mind
By Sewvandhi Feb 25, 2022 08:02 AM GMT
Report

මොනවා කළත් මැරෙන මොහොතේ ජීවිත කාලය තුළදී තමන් කළ කී දෑ මතක්වෙන බව අප සමාජයේ නිතරම කියවෙන වදන් පෙළකි. කැනඩාවේ, වැන්කුවර් හි විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකින් එය සත්‍යය බව සනාථ වී තිබේ.

නමුත් ඔවුන් පවසන්නේ එය අහම්බයක් බවය.   එම සිදුවීම සිදුවී ඇත්තේ මෙසේය. විද්‍යාඥයින් පිරිසක් අපස්මාරය වැළඳුනු 87 හැවිරිදි පුද්ගලයෙකුගේ මොළයේ සංඥා නිකුත්වන ආකාරට ගණනය කිරීමට ස්නායු ක්‍රියාකාරිත්වය පටිගත කිරීමට කටයුතු කළේය.

නමුත් ඒ අතරතුරදී දරුණු හෘදයාබාධයකට ලක්වූ ඔහු ඉන් මියගොස් තිබුණි.  එබැවින් එම පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු සහ දත්ත ඉන් විද්‍යාඥයින්ට ලැබුණි.

අක්‍රියවෙමින් පැවති මොළයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලි චිත්‍රයක් ඉන් මැවිණි.    ඉන් හෙළිවී ඇත්තේ කෙනෙක් මියයෑමට තත්ත්පර 30කට පෙර සහ ඉන් තත්ත්පර 30කට පසුව එහි සංඥා නිකුත්වී ඇත්තේ කෙනෙක් සිහිනයක් දකින අවස්ථාවේදී සහ යමක් මතකයට නගන අවස්ථාව හා සමානව බවය.

මොළයේ මෙවැනි ක්‍රියාකාරීත්වයකින් පෙනී යන්නේ යමෙක් තමා මියයෑමට සුළු මොහොතකට පෙර "ජීවිතාවර්ජනයක" යෙදෙන බවය.  

මෙම නව විද්‍යාත්මක සොයාගැනීම සම්බන්ධයෙන් "Frontiers in Aging Neuroscience" සඟරාවේ පසුගිය අඟහරුවාදා (22)  පළ කර තිබුණි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව කළ විවිධ සූත්‍ර දේශනා ඔස්සේ මේ පිළිබඳව සුවිශේෂී පැහැදිළි කිරීම් සිදුකර තිබේ.

මෙලොව උපදින සියල්ලෝම මරණයට පත්වන අතර බුදුරජාණන් වහන්සේ තරම් මරණය පිළිබඳව කරුණු පැහැදිළි කරමින් දේශනා කළ වෙනත් ආගමික ශාස්තෘවරයෙක් මෙලොව පහළවී නොමැත.

‘පුත්තා ම‘ත්ථි ධනම්ම‘ත්ථි ඉති බාලෝ විහඤ්ඤති අත්තා හි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධනං”

"මට දරුවන් සිටිනවා, මට මුදල් හදල් තිබෙනවා කියමින් අඥාන පුද්ගලයා ඒ පිළිබඳව සිතමින් කාලය ගතකරයි. එසේ වුවද තමන්ට තමන්වත් නොමැති ලෝකයේ දරුවන් සහ මුදල් හදල් කොහෙන්ද?" යන්න බුද්ධ දේශනාවයි.

මෙහිදී සිතිවිලි 17ක් පහළ වන අතර මරණාසන්න මොහොතේ බලවත් වන අවසාන සිතුවිල්ල චුති චිත්තය වන බවද බුදුන් වහන්සේ දේශනා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now