දේශපාලන ප්‍රබලයෙක් ගෙල වැළලාගෙන මිය ගිහින්?..

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Crime Death
By krishani May 31, 2023 10:42 AM GMT
Report

ගෙල වැළලාගෙන මියගිය බවට සැකකෙරෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරාගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

මියගිය ඔහු 42 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලිසිය පැවසීය.

කෙසේවෙතත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, මෙම මරණය සියදිවි නසාගැනීමක්ද? නැතහොත් ඝාතනයක් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවයි.

මේ අතර,ඊයේ (30) දෙල්ගොඩ - දොම්පේ මාර්ගයේ දී රිය අනතුරක් සිදු වී පුද්ගලයකු ජිවිතක්ෂයට පත් විය.

එම රිය අනතුර සිදු වී ඇත්තේ මීගහවත්ත, දෙල්ගොඩ-දොම්පේ මාර්හයේ කඳුබොඩ ප්‍රදේශයේ දී ය.

ඒ දොම්පේ දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරුපැදියක් ගැට්මෙන් ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු උඩුපිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 23ක දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වේ.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේවෙතත්, අනතුරට සම්බන්ධ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join