පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටෙයි.

Kandy Sri Lanka
By krishani Mar 27, 2023 01:52 AM GMT
Report

ඊයේ (26) මහනුවර - මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසල දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇත.

එසේ මියගොස් අත්තේ, මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉ‌ගෙනුම ලබන, මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සිසුවා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමේ නොයා දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇත්තේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join