වෙඩි තැබීමකින් පුද්ගලයින් 15ක් ජිවිතක්ෂයට..
South Africa
By krishani
දකුණු අප්‍රිකාවේ - සොවෙටෝ නගරයේ තැබෑරුම් ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවක්කුකරුවන් තැබෑරුම් ශාලාවට ඇතුළු වී තරුණයින් පිරිසකට අහඹු ලෙස වෙඩි තැබීමට පටන් ගත් බවත් ඔවුන් පසුව සුදු පැහැති කුඩා බස් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත් ප්‍රහාරයට හේතුවක් අනාවරණය වී නොමැති බවත් එරට පොලිසිය පවසයි.
අසාධ්‍ය තත්ත්වයෙන් තවත් කිහිපදෙනෙක් රෝහල්ගතව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |