මල් කැකුළක් නිහඬ කළ අකුණු සැර..

Sri Lanka Accident
By krishani Apr 16, 2023 01:54 AM GMT
Report

ඊයේ (15) කෑගල්ල ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ අකුණු සැර වැදී පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ රුවන්වැල්ල - මාපිටිගම ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දනුජ බිම්සර නමැති දරුවෙක් ය.

ඔහු දිය නෑමට ගොස් යළිත් නිවස  කරා පැමිණෙන අවස්ථාවේ දි මෙම අනතුර සිදුව ඇති අතර එම දරුවා සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වේ.

කෙසේවෙතත්, දරුවා අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join